තරු කතා

දේශපාලනය කලකිරුණු මධූ දැන් කියන කතාව

සංගීත ක්ෂේත්‍රය තුළ ලස්සන ගීත ගොන්නක් දායාද කරපු දක්ෂ ගායකයෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. ධනංජය සිරිවර්ධන කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගේ ආදරණීය සහෝදරයා විදිහටත් ඔහුව හඳුන්වන්න පුළුවණ්. කලක් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ ගායකයෙක් විදිහට කටයුතු කරන ඔහු පසුකාලීනව දේශපාලන වේදිකාව තුළ අපට දැකබලා ගන්න පුළුවන් කැපී පෙනෙන චරිතයක් බවට පත්වුනා.

මුහුද හඬන වෙලාවේ,ලඹ සවන් රන් පතින් වැනි ජනප්‍රිය ගීත රැසක්ම ප්‍රේක්ෂකයන්ට දායාද කරපු ඔහු ගී කියන්නට වගේම ගුඉ ලියන්නත් හරිම දක්ෂයි. නිතරම ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතා බහට ලක්වෙන මාතෘකා සම්බන්ධයෙන් ගීත නිර්මාණය කරනවා.

මුලින් ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමග යුග දිවියට යන ඔහු මේ විවාහයෙන් වෙන් වෙලා නැවත වතාවක් විදෙස්ගතව සිටි ලාංකික කාන්තාවක් සමග විවාහ වෙනවා.ඉතින් ඇයත් ඉතාමත් සුන්දර කාන්තාවක් විදිහට ඔහු හඳුන්වනවා. ඒ නිසා දෙන්නම ඉතාමත් සතුටින් හොඳින් ජීවත් වෙනවා කියලා ආරංචියි.

පසුගිය දවසක ඇය කරපු දෙයක් වෙනුවෙන් විවිධ ප්‍රශ්න ගැටලු ගැටළු ආපු අවස්ථාක මධුමාධව තමන්ගේ මුහුණු පොත හරහා හරි අමුතු සටහනක් එකතු කරනවා. ඒ සටහන පහතින් දක්වා ඇත.

ඇය කිසිදිනක මේ බලු දේශපාලනයට එන් නෑ..අපි කිසි විටකත් දේශපාලනයට එන් නෑ….මේ පාටක් නැති ඇගේ සුරංගානා කතාව…..(” දරුවො තෑගි ගන්න එන්න ඕනෙ නෑ, අපි තෑගි දෙමු ලගටම ගිහින්”තෑගි ගන්න විදිහ ෆොටෝ දාන්න එපා මහත්තයො…”)මේ තමා ඇගේ ඉල්ලීම….මාව තප්පරයකට නැවැත්තුව….එදා ආපු හැම දරුව ලගටම ගිහින් ඇයත් ඇයගේ ආදරනීය යාලුවනුත් ආදරය තෑගි හැටියට දුන්න.ඒ හැම දරුවෙක්ටම දේවල් දෙන කොට හිටපු කැමරා සහෝදරයන් ෆොටො ගැහුව….මේ වැඩ සටහනට ආදරෙන් දායක උන,ආව , එන්න බැරි උන , ආශිර්වාද කල හැමෝම ආසාවෙන් හිටියා උත්සවයේ ෆොටෝ බලන්න…

කඩි ගුලක් වගේ ඈ සහ ඇගේ ආදරනීය හිතවතුන් එදා ඒ හැම වැඩේම කරා….ලෝකෙම ඉදන් අපේ අය ඇයට කතා කලා…මහ රෑ සමහර නංගිලා ඈ හොයන් ආව…ඔවුන් ආදරෙන් තමන්ට පුලුවන් දේ දරුවන්ට දෙන්න ලෑස්ති කලාරට ඉන්න යාලුවො යෙහෙලියො මන් දන්න මන් නොදන්න එක එක දේවල් බාර අරන්..මම නොදැකපු ගොඩාක් පිරිසක් ඇයව හොයනව..ඈ හරී සතුටක් ලබනව ඔවුන් සමග දුක සැප බෙදා ගෙන….මෙහෙම ලිව්වෙ සමහර හිතවතුන් අහල තිබ්බ ඇය දේශපාලනය කරයිද කියල….කිසිම දේශපාලන මතයකටපක්ශෙකට විතරක් නෙවෙයි..කිසිම පිනකටවත් මේ වැඩ සටහන අදාල නෑ…මේ අපි පතපු මනුස්සකම තියෙන අපේ උන් එක්ක හදන පුන්චි සුරංගනා කතාවක්….

කොටින්ම යාලුවන්ගෙවත් අපිට අදාල නැති දේ අපි කතා කලේ නෑ……අනික මොකෙක්ගෙවත් රස්සාවල් , සමාජ තත්ව අපිට සත පහකට වැඩක් නෑ….අපිට ලෝකය කාට වත් දීල තියෙන තැන සත පහකට වැඩක් නෑ..අපිව දැනට දන්න අපේ අය ඒක දන්නව…අපි දේශපාලනය, ඕප දුඉප , එක එක කුනු අන්දල් කතා කරද්දි , ගැරඩි වගේ ඒ කතා වෙන් ලිස්සල යනව නැත්තම් හිත රිදුනත් කියනව වෙන මගුලක් නැද්ද කියල කතා කරන්න…අපේ පපුවෙ පැල උනොත්….පාරෙ හිගන අපේ එකාත්කන්න නැති අපේ එකීත් අපිට අපේ….මේවා කතා විතරක් නෙවෙයි..ක්‍රියා….

අපේ ගෙදර මොකා ආවත් රස්සාව පාපිස්ස ලග ගලවල තමයි එන්න ඕනෙ….කිසිම දේශපාලකයෙක්ට බත් ඇටයක් පූජා නොවෙන ගෙදරකට ආදරනීයන් එනවා, එන්න ඉන්නවා…..ඒක අපේ සතුට….උන්ගෙ ආදරේ, උන්ගෙ විහිලු , උන්ගෙ ජීවිතේ, උන්ගෙ ලස්සනකම්, ගැන විතරයි අපි කතා කලේ…උන් ආදාල නැති වැඩක් කලත් අපි අත හැරියේ අදාල නැති දේ මිසක් , උන්ව නෙවෙයි….පව් නොකල උන්ගෙ නගරයේ තොරනක් වෙනවට වඩා වැරදි හදා ගත්ත උන්ගෙ නගරයේ පාපිස්සක් වෙන්න අපි කැමතියි…මලෙන් උපන් කුමාරයන් කුමාරිකාවන් කියල කියන අයට වඩා…කැලල් ජීවිතේ තියෙන උන් අපිට නිකලැල්…

කැලැල් දැක හින හෙන්නෝ තුවාල නොලද්දොයි..එහෙම උන් ඉන්නෙ හින්දි චිත්‍රපටි වල….අපි ප්‍රාර්ථනා කලේ දේශපාලනයෙන් ඔද්දල් වෙච්ච උන් ඈතින් තියල, ඔය හැම තැමන ඉන්න ආදරනීය සුන්දර මිනිසුන් එක්ක ජීවත් වෙන්න..ඉතිං දවසින් දවස ඇයට ආදරනීය මිනිස්සු ලන් උනා….පැය ගනන් කාගෙ හරි අසනීපයක් දුකක් කිව්වම ඈ අහන් හිටියා…ඇය ලංකාවට එනකොට ඇයට තිබූ හිස් කොලයේඅද ආදරනීය නම් වලින් පිරිල.ඉතිං, මාවත් ආදරෙන් වෙනස් කල ඇයට …ලෝකෙට ඇහෙන්න මේක කියන්න ඕනෙ…මිනිහෙක්ව සතෙක් කරන්නත් මනුස්සයෙක් කරන්නත් ගෑනියෙක්ට පුලුවන්….එයාගෙ ආදරනීය යහලු හෙලියනුත් හරි ආදරනීයයි…… උනට මමත් හරි ආදරෙයි…

දේශපාලන පිලිකුලෙන් හෙම්බත් වෙච්ච මට..ඇත්තටම …මේ වැඩේ ට එකතු උනආශිර්වාද කලඋදව් කලදහඩිය හෙලූකැපවීම් කලහැමෝම මැද්දේ දැනුනා…පක්ශ පාට ආගම්පිං , බලාපොරොත්තු , දේශපාලනයනැති මේ ආදරනීය පනිවිඩය…අපිට තව බොහෝ ආදරනීය මිනිසුන් මුන ගස්සාවි..මම ආදරෙන් ඉතිරි කරගත්ත මගේ උන් හැමදාම වගේ වාසියක් බලන්නැතිව අපි සමග ඉදීවි…අපි ලොකු ලොකු වැඩ කරමු….අපි තනි පොටට වඩා දෙපොට හයිය බව පෙන්වමු…..දේශපාලන අරමුන අස්සෙ අපිට තිබ්බ බැරි එකෙක්ට එකියක්ට හයියක් අපිට හැකි අයුරුන් දෙන්න අපි එක එක දේවල් කරමු….දේශපාලනය කියන අසූචිවලෙදි බත් ඇටයක් අපි බෙදුවත්, දුන්නත් මිනිස්සු කෑවෙ කුල කිය කිය…මොකද ඒව දුන්න බහුතරයක් ආන්ඩුවලින් කලු සල්ලි හොයල….

අපි වටේ ඉන්නෙහෙට අපිට වට වෙන්නෙ එහෙම දේශපාලන කුනු ගොඩවල් නෙවෙයි…හැමෝටම දේශපාලනයක් ඇති…ඒකත් පාපිස්ස ලග ගලවල එන්න….මේ ආදරනීය ගමනට මතු බලාපොරොත්තු නෑ..පිං ඕනෙත් නෑ…ස්තතිය ඕනෙත් නෑ…හැබැයි මේ වැඩේදි අපිට ආශිර්වාද කරන්නඋදව් කරන්න, වැඩ කරන්න, කැප වෙන්න ආව මිනිස්සු එන්න බැරි ඈත ගමක, රටක ඉන්න මිනිස්සුමොන ආගමේද, ජාතියේද, මින පක්ශෙද අපි දන් නෑ……හැබැයි උන් හරි සුවදයි…..ස්තූතියි මගෙ නෝනනත්මේ වැඩේට ඇය එක්ක වෙහෙසුන ආදරනීයන්ටත්…අපි ඒ දරුවන්ගේ සතුටඅපි එක්ක මේ වැඩේට එකතු වෙන අපේ උන්ගෙ සතුට පෙන්වමු….

තෑගි ගන්න හැටි නොපෙන්වා ඉමු….දේශපාලනය නැති උනාම….පපුවෙ…..ලෝකෙම ආදරනීය චායාරූපයක්….ඔව් කෙනෙක් අත් දෙක දිග ඇරල තෑගි ගන්නවපි ෆොටෝ නොදා ඉමු……ඒ අත් දෙකඒ ඇස් දෙක ඒ හිනාව මතක තියා ගමු…..ඒක තමා ෆොටෝව…… අපි දකින්නට පතන.ලෝකෙට පෙන්වන්න ඕන නැති….එහෙනම් අපි පුලුවන් දුරක්… කරන දේ කරදරයක් නැතිව…දුවමු…. කන්ද අපි ලගට එන් නැතිදා…අපේ අරමුනක් නැති ගමන හිමින් කන්ද ලගට අරන් යමු…..කදු මුදුනේ හිනා වෙන්නේ….ලෝකෙ ඉන්න අහිංසකමසදා කල් දරුවො…..ඒ සදාකල්ම මල් පොහොට්ටු ……ඉතිං…,.සුරකිමු මල් කැකුළු….

ඉතින් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලන්නේ නැතුව අහිංසක ජනතාව වෙනුවෙන් උදව් උපකාර කරන්නට දෙපාරක් නොසිතන ඔවුන් දෙදෙනාට අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x