විශේෂාංග

ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය වෙනස් කළ ලාංකික සම්භවයක් ඇති ෂෙමාරා

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.

මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ඩේලි මේල් පුවත් සේවය පවසන්නේ ෂෙමාරාගේ මව්පියන් ඔස්ට්‍රේලියාවට එන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේ ඩොලර් 200ක් පමණක් බවයි.

ෂෙමාරා වික්‍රමනායක 2021 දී ඩොලර් මිලියන 16.39 ක් උපයා ඇති බව Macquarie බැංකුව සිය නවතම වාර්තාවෙන් නිවේදනරය කර තිබේ.

වසරේ අවසන් මාස තුන තුළ සමාගමට ඩොලර් බිලියන 1.3 ක ලාභයක් ලබා ගැනීමට වික්‍රමනායක මහත්මිය සමාගමට නායකත්වය දී තිබේ.

2019 දී ඇය ඕස්ට්‍රේලියාවේ ඉහළම ආදායම් ලබන ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ පළමු කාන්තාව විය.

ඇය 1970 ගණන්වල සිය පවුල සමඟ වයස අවුරුදු 14 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර ඇය කෙටි කාලයක් තුළ නීතීඥවරියක් සහ බැංකුකරුවෙකු ලෙස ඉක්මනින් සිය වත්තීය දිවියේ ඉහළට ගොස් තිබේ.

ඇයගේ පියා වන රංජි මහතා 2018 දී Australian Financial Review වෙත පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ හැදී වැඩී වරප්‍රසාද සහිත ජීවිතයක් භුක්ති විදි බවයි. කෙසේ වෙතත් 1975 දී ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට පෙර තමන් ඇතුළු පවුල දුෂ්කර කාලවලට මුහුණ දුන් බවද ඔහු පවසයි.

A woman in bright business clothing presenting on stage at Perspective 2020 event. Shemara Wikramanayake.

රංජි මහතා 1958 දී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර එම වසරේම වැඩිදුර පුහුණුව සඳහා ඔහුගේ බිරිඳ අමරා සමඟ ලන්ඩනයට ගොස් තිබේ.

තරුණ යුවළ එංගලන්තයේ පදිංචි වී ඇති අතර ඔවුන්ට 1960 දී රොෂානා සහ ඊළඟ වසරේ ෂෙමාරා යනුවෙන් දියණියන් දෙදෙනෙක් ඉපිද තිබේ.

1975 දී රංජි තම පවුලේ අනාගතය පිළිබඳව තීරණය කරමින් සිඩ්නි වෙත යන අතර එහිදී ඔහුට රාජකීය ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහලේ අර්ධකාලීන රැකියාවක් ලබා දෙන ලදී.

ඒ වන විට ඔවුන් සන්තකයේ තිබී ඇත්තේ දේපළ සහ ඩොලර් 200 ක මුදල් පමණි.

‘1970දී අපිට හැමදේම නැතිවෙලා ආයෙත් ජීවිතය පටන් ගත්තා. ඒ වගේම අපි සිඩ්නිවලට ගියාට පස්සේ අපි හැම දෙයක්ම නැවත ආරම්භ කළා.’ යැයි රංජි මහතා පවසයි.

මුලින්ම මාස හයකට කුලියට ගත් නිවසක ජීවත් වූ රංජි ඇතුළු පවුල පසුව සිඩ්නි හි නිවසක් මිලදී ගෙන තිබේ.

ෂෙමාරාගේ වැඩිමහල් සොහොයුරිය රොෂානා නිව් සවුත් වෙල්ස්හි නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති නීතීඥවරියක් බවට පත් වූ අතර ඇගේ බාල සොහොයුරා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස බෝරල්හි දකුණු හයිලන්ඩ්ස් පෞද්ගලික රෝහලේ සේවය කරයි.

ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට පැමිණ අඩසියවසකට ආසන්න කාලයකට පසු, ෂෙමාරා ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නිල වශයෙන් නම් කර ඇති අතර එම පදවිය ලබා ගත් පළමු කාන්තා විධායකවරිය ලෙස ඉතිහාසගත විය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x