තරු කතා

පුෂ්පිකාට එරෙහිව පියුමි සමග යුරේනිත් එක්වෙයි

යුරේනි නොෂිකා කියන්නේ රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් විතරක් ම නෙවෙයි, ගායන ශිල්පිනියක් විදිහටත් කරළියට එන ඇයව නොහඳුනන කෙනෙක් නැති තරම්. සරාගී විලාසිතා නිසාම කලින් කලට බුකියේ කතා මවන ඇය, විවේචන ගැරහුම් මැද්දෙ නිතරම වගේ ඇගේ සමාජ මාධ්‍ය ගිණුම යාවත්කාලීන කරනවා.

ඉතින් ඇය අද දවසෙත් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට පුවත් මැවූ පුෂ්පිකාගේ කිරුළ ගැලවීම සම්බන්ධව අදහස් දක්වමින් සටහනක් එක්කර තිබුණා. නිරූපිකා පියුමි හංසමාලිද ඇයගේ එම අදහසට සිය එකඟතාව පළකරමින් ‘Ur right’ යනුවෙන් සටහන් කර යුරේනිගේ ෆේස්බුක් සටහන ඇගේ ෆේස්බුක් ගිණුමේ ශෙයාර් කර තිබුණා. එම සටහන පහතින්.

” මම කිසිම කෙනෙක්ට වරදක් පටවනවා නෙවෙයි.නමුත් මේ දේ කිව යුතුයි කියලා හැගුනා. මුලු මිලියන 21 ක ජනතාව අතරින් ඔබට මිනිසුන්ගේ ආකර්ශනය ,අවධානය ලබන්න , නම කියු සැනින් මිනිසුන් ඔබව හදුනනවනම් ඔබ ගොඩාක් වාසනාවන්ත විය යුතුයි. එ පිලිගැනීම නිසාවෙන් මේ රට,තමන්ගේ ජාතිය නියෝජනය කර ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා කියන්නේත් , තම මව් රට වෙනුවෙන් ජාත්‍යන්තරයට යවන්න සුදුසු කෙනෙක් පත් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා කියන්නේත් ඔයාලා සියලු දෙනා ඉතාමත් වාසනාවන්ත පිංවන්ත විය යුතුයි. එසේ දෙවියන් විසින් හෝ සොබාදහම විසින් දීලා තියෙන ආශීර්වාද වගකීමෙන් සහ තමන්ගේ මව්රටට උපරිම කීර්තියක් ගෙන දෙන ලෙස පාවිච්චි කරන එක අපි සියලු දෙනාගේ වගකීමයි. තමන්ගේ පුද්ගලික ක්‍රියාවන් ,හැසිරීම් ජාත්‍යන්තරයක් ඉදිරියේ පිලිබිඹු වන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවක් ලෙසයි. එක නිසා අපි සියලු දෙනා මීට වඩා වගකීමෙන් කටයුතු කරමු.”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x