තරු කතා

තාත්තා ගොඩක් සතුටින් YouTube එකෙන් පවා නාට්‍ය කීප වතාවක්ම බැලුවා

ඇයට කලාව කියන්න දේ ආධුනික දෙයක් නම් නෙවෙයි. මොකද ඇගේ පියා ලංකාව තුළ නමක් දිනු ආදරණීය ආදරනිය දක්ෂ රංගන ශිල්පියෙක්. අසනීප තත්ත්වය නිසා ම රංගනයෙන් ඈත් වූ ගිරිරාජ් තමන්ගේ දියණියව රංගනයට යොමු කර තිබෙනවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා. බොහෝ දෙනෙක් ආදරෙන් වැළඳ ගෙන සිටින ස්වර්ණවාහිනී නාලිකාවේ නාළිකාවේ විකාශය වෙන නාඩගම් කාරයෝ ටෙලි නාට්‍ය හරහා ටෙලිනාට්‍යය හරහා ඇයව අපිට මුණ ගැසෙනවා. ඇය නමින් අමන්ද්‍යා උත්පලි.

ඇත්තටම ඔබට නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණෙ කොහොමද? 

”ශිවා මාමා මාමා සද්ධා මට මේ නාට්‍යයට ආරාධනා කලහම මට පුදුම හිතුනා. මම ඒ ආරාධනාව ඉහළින්ම පිළිගත්තා. මගේ කලා ජීවිතයට මේ ලැබුණු අවස්ථාව ලොකු පන්නරයක් වෙනවා. මම පාසල් යන කාලේ තාත්තා අකමැති මම රඟපානවට. හැබැයි මම කලාවට එන්න ආසාවෙන් හිටියා. කොහොම වුණත් මගේ ආසාව මම හිත යට තියාගෙන හිටියේ. ඒ අවස්ථාව මට ලැබුණා.

ඔබ නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයට එන්නේ ඔබේ පියාගේ අඩුව පුරවන්න ද? 

කවදාවත් එහෙම නැහැ. මොකද තාත්තා එක්ක බලද්දි මම කලාව ඇතුලේ පුංචිම පුංචි වැලි කැටයක් වගේ. ගිරිරාජ් කියන රංගන ශිල්පියාගේ අඩුව පුරවන්න තවම කෙනෙක් ඉපදිලා නැහැ. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ මුලින්ම මට ආරාධනා කරද්දි මම මුලින්ම ඒ ගැන කිව්වේ තාත්තට. එයාට ගොඩක් සතුටුයි. කොටස් එක දෙකක් රඟපානකොට ලැබුණු ප්‍රතිචාර නම් ගොඩයි. කුකුල මුදලාලිගේ ඇත්තම දුව රංගනයට ඇවිල්ලා කියලා ගොඩක් අය කිව්වා .

ඔබ රංගනයට අමතරව වෙනත් වෘත්තියක නියැළෙනවා නේද? 

ඔව් මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. දැන් රැකියාවෙන් අයින් වෙලා පූර්ණකාලීනව රංගනයට යොමු වෙලා තමයි ඉන්නේ. මම දැනට සංගීත ගුරුවරියක් විදිහට මගෙම කලා කලා ආයතනයක් පවත්වාගෙන යනවා. රංගනය පැත්තෙන් තාත්තාගේ උපදෙස් එක්ක ලොකු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුලින් නැවත අපිට කුකුලා මුදලාලි දකින්න ලැබෙන්නේ නැද්ද? 

ඇත්තම කිව්වොත් තාත්තා මේ අසනීප තත්වයට මුහුණ දුන්නේ අනපේක්ෂිත විදිහට. අපි මේ රෝගය ගැන ළඟදි තමයි දැනගත්තේ. මහරගම අපේක්ෂා අපේක්ශා රෝහලෙන් තමයි තාත්තට ප්‍රතිකාර කරන්නේ. වෛද්‍ය උපදෙස් අනුව තමයි ඉදිරියට තාත්ත රංගනයට යොමු වෙනවා ද නැද්ද කියලා තීරණය වෙන්නේ. කොහොම වුණත් තාත්තා මේ දිනවල ප්‍රතිකාර වලට යොමු වෙලා නිසා විවේකීව තමයි කාලය ගත කරන්නේ. තාත්තට දැන් තරමක සුවයක් තියෙනවා. එයා හොඳටම හොඳ උනහම නැවතත් රංගනයට ඒයි. හැබැයි ඒකට කොච්චර කාලයක් යයිද කියලා කියන්න බැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරු වත් අපේ පවුලේ කිසිම කෙනෙක් ඒවට ප්‍රතිචාර දෙන්න ගියේ නැහැ .

ඔබේ රංගනයට තාත්තාගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද? 

තාත්තා ගොඩක් සතුටින් YouTube එකෙන් පවා නාට්‍ය කීප වතාවක්ම බැලුවා. මම පුංචි තිරයට එන දෙවැනි අවස්ථාව තමයි මේක. මුලින්ම රූපවාහිනියේ අවුරුදු ටෙලි නාට්‍යයක පුංචි කොටසක් රඟ පෑවා. කොහොම වුණත් රටේ ජනප්‍රිය ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් තාත්තගේ උපදෙස් එක්කම මගේ වැරදි අඩුපාඩු හදාගෙන රංගනය හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x