තරු කතා
පුෂ්පිකාගේ විවාහක රූ රැජිණ කිරුළ ගලවයි

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි , පුෂ්පිකා ද සිල්වා දරන ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඒ බව තහවුරු කර තිබෙනවා.
එම නිවේදනයට අනුව දැක්වෙන්නේ, අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි පුෂ්පිකා ද සිල්වා හට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ යන නාමය දේශීයව හෝ ජාත්‍යන්තරව මොනයම් ආකාරයකින් හෝ භාවිත කිරීම මේ හරහා වාරණය කරන බවයි.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්යක්ෂවරයා නිකුත් කළ නිවේදනය පහතින්…