සයුරෙන් එහා

කැමිලා බ්‍රිතාන්‍යයේ රැජින වනු ඇති බවට ඉඟි කෙරේ

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය කිරුළේ 70 වැනි සංවත්සරය සැමරූ ඓතිහාසික සන්ධිස්ථානය අවස්ථාවේදී, රාජාණ්ඩුවේ අනාගතය යළි නිර්වචනය කරමින්, චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු බවට පත්ව කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා රැජින ලෙස පත්වනු ඇති බවට ඉඟි කළාය.

2005 දී චාල්ස් කැමිලා සමඟ විවාහ වූ විට, රැජින යන පදවි නාමයට අයිතියක් තිබියදීත්, ඇය ” කෝර්න්වෝල් ආදිපාදවරිය” ලෙස හැඳින්වීමට කටයුතු කළාය. කැමිලා වේල්ස් “කුමරිය” යන පදවි නාමය භාවිත නොකළේ, එය චාල්ස්ගේ පළමු බිරිඳ ඩයනාට නියම වූ පදවියක් වටා ඇති සංවේදීතාවන් පිළිගනිමිනි.

කෙසේ වෙතත් මෙය නිල වශයෙන් නිවේදනය කිරීමට පෙර රැජින ඇගේ සෘජු උරුමක්කාරයන් වන චාල්ස් සහ විලියම්ගෙන් උපදෙස් ලබාගන්නට ඇති බව විශ්වාස කෙරෙයි. මන්දයත්, එයින් ඇඟවෙන්නේ ඔවුන් දෙදෙනා මෙන්ම, කැමිලා රැජින ලෙස පිළිගැනීමට බ්‍රිතාන්‍ය මහජනතාවද සූදානම් බව හැඟී යාමකි.

95 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජින ඇය සිංහාසනයට පිවිසීමේ 70 වැනි සංවත්සරයට ළඟා වූ විට නිකුත් කරන ලද අසාමාන්‍ය පණිවිඩයකින් රාජාණ්ඩුවේ සංක්‍රාන්තිය සඳහා වූ ඇගේ දැක්ම ඉදිරිපත් කළාය.

“ඔබේ සහයෝගය වෙනුවෙන් ඔබ සැමට මගේ ස්තූතිය ප්‍රකාශ කිරීමට මම කැමතියි. ඔබ මට දිගටම ලබාදෙන පක්ෂපාතිත්වය සහ සෙනෙහස ගැන මම සදාකාලිකවම කෘතඥ වෙනවා, නිහතමානී වෙනවා” රැජින සඳහන් කර තිබුණි.

“තවද, සම්පූර්ණ කාලය තුළ, මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි. එම කාලය පැමිණි විට කැමිලා එසේ කරනු ඇතැයි මම දනිමි. ඇය තම විශ්වාසවන්ත සේවය දිගටම කරගෙන යන බැවින් රැජින අගමෙහෙසිය ලෙස හඳුන්වනු ඇති” රැජින වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙය රාජකීය තනතුරු නිර්වචනය කළ හැකි එකම පුද්ගලයා ලෙස දෙවැනි එළිසබෙත් රැජින විසින් රාජාණ්ඩුවේ විශාල වැදගත් මැදිහත්වීමක් පෙන්වීමකි.

දෙවැනි එළිසබෙත් රැජින 1952 පෙබරවාරි 6 වැනි දින වයස අවුරුදු 25 දී සිංහාසනයට පත් වූයේ වයස අවුරුදු 56 දී ඇගේ පියා වන හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x