ප්රධාන පුවත්විශේෂාංග
ජනවාරි 18 ණය ගෙවූ පසු රටට අත්වෙන ඉරණම මෙන්න

විදේශ සංචිත හීන වීම නිසා මතුව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ මොහොතේ කල්පනා කළ යුත්තේ රට බේරාගැනීමද නැතිනම් රටට විදේශ ණය ලබා දුන් ණය හිමියන් බේරා ගැනීමද ?
මේ මොහොතේ රජය කළ යුත්තේ ගෙවීමට නියමිත විදේශ ණය වේලාවට ගෙවනවා වෙනුවට රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය යාන්තමින් හෝ සමනය කර ගැනීම සඳහා ණය කල් දැමීම බව ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතාද පවසනවා.