හොලිබොලි ගොසිප්

ලින්ඩ්සේ ලොහාන්ට මංගල සීනු

2021 වසර ලොව පුරා බොහෝ තරුවලට මංගල සීනු හැඬවූ වසරක් ලෙස හැඳින්විය හැකියි. ඒ අතරින් නවතම සුබ ආරංචිය වන්නේ හොලිවුඩ් නිළියක්, ගායන ශිල්පිනයක් මෙන්ම ගීත රචිකාවියක් ලෙසද ජනප්‍රියත්වයක් උසුලන ලින්ඩ්සේ ලොහාන්ගේ විවාහ ගිවිස ගැනීමයි.

35 හැවිරිදි ලින්ඩ්සේ බැංකුකරුවකු වන Bader Shammas සමඟ වසර දෙකක පමණ සිට ප්‍රේමයෙන් වෙළී සිටි අතර ඔවුන් දෙදෙනා පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා. ඇය සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් මගේ ආදරය, මගේ ජීවිතය, මගේ අනාගතය යනුවෙන් සඳහන් කර තිබුණා.

එමෙන්ම ගිවිස ගැනීමේ මුදුවද එම ඡායාරූපයෙන් ඇය දක්වා තිබුණා. නමුත් ලොහාන් සහ ෂම්මාස් ඔවුන්ගේ විවාහ මංගල්‍යය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නොමැත. ඒ වගේම තවත් සුබ ආරංචියක් වන්නේ ලින්ඩ්සේ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වන Romantic-Comedy ශානරයේ නිර්මාණයකින් දැක ගත හැකි බවයි.

මෙහි ඇය සමඟ Chord Overstreet රංගනයෙන් දායක වන අතර එම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වී ඇති අතර, එය බොහෝ විට 2022 දී එළිදැක්වීමට ඉඩ ඇත.

 

 

 

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x