කරන් ජොහාර්ගේ තේරීම සිද්ධාර්ත්ලු

කරන් ජොහාර්ගේ නවතම සිනමා නිෂ්පාදනය වන Yodhaහි ප්රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ සිද්ධාර්ත් මල්හෝත්රා විසින් බවයි පැවැසෙන්නේ. මේ බව සිද්ධාර්ත් විසින් වගේම කරන් ජෝහර් විසින් සිය ඉන්ස්ටග්රෑම් ගිණුම් තුළින් රසිකයන් වෙත දන්වා තිබුණා.
මෙම චිත්රපටය ධර්මා නිෂ්පාදනයක් ලෙස සාගර් අම්බේ්ර සහ පූෂ්කර් ඕජා විසින් අධ්යක්ෂණය කරන බවයි කරන් පවසා තිබුණේ. මෙය ධර්මා නිෂ්පාදන ලේබලය යටතේ නිර්මාණය කෙරෙන පළමු ක්රියාදාම චිත්රපටයද වන බවයි කරන් පවසා තිබුණේ. එමෙන්ම මෙම චිත්රපටයේ ප්රධාන නිළිය කවුරුන්ද යන බව ඉක්මනින්ම දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මෙය 2022 වසරේ අවසාන භාගයේ නිකුත් කරනු ඇත. සිද්ධාර්ත් මල්හෝත්රාව අවසන් වරට රිදී තීරයේ දක්නට ලැබුණේ Shershaah චිත්රපටයේ කැප්ටන් වික්රම් බට්රාගේ චරිතය තුළිනුයි. ඒ වගේම සිද්ධාර්ත්ගේ ‘Misson Majnu’ ‘Thank God’ චිත්රපටද ඉදිරියේදී නිකුත් වීමට නියමිත ලැයිස්තුවේ ඇත.