හොලිබොලි ගොසිප්

පැපරාසි ඇසට හසු වූ අමීර් ඛාන්ගේ පැරණි බිරිඳ

පසුගිය දිනෙක රාත්‍රියේ ආමීර් ඔහුගේ පැරණි බිරිඳ රීනා දත්තාගේ නිවස ඉදිරිපිට සිටියදී පැපරාසියෙකු විසින් ගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයක පළ වී තිබිණි. එහි ඔහු හැඳ සිටියේ දෝති කලිසමක් සහ ටී ෂර්ටයක් වීම නිසා බොහෝ දෙනෙකු සරදම් සහගත ප්‍රතිචාර දක්වා තිබිණි.

“ඔහු ඇගේ සල්වාරියක් ඇඳගෙන ඉන්නෙ ඇයි..?”

ඒ ප්‍රතිචාර අතර එය ද විය.

ආමීර් සහ රීනා ගැටවර වියේදී අසල්වැසියන්ව සිටි අතර ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1986 අප්‍රේල් 18දාය. අයිරා ඛාන් සහ ජුනයිද් ඛාන් ඔවුන්ගේ දූපුතුන්ය. 2002 දෙසැම්බර් මාසයේ ඔවුන් දික්කසාද වූ අතර දරුවන්ගේ භාරකාරිත්වය රීනාට පැවරිණි.

2012 හින්දුස්තාන් ටයිම්ස් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ කියා තිබිණි.

“රීනගෙයි මගෙයි විවාහ ජීවිතයේ වයස අවුරුදු 16ක්.. ඊටත් වඩා පුංචි කාලෙ ඉඳලම අපි එකටමයි හැදුණේ වැඩුණෙ.. ඒක හරි විශේෂ සම්බන්ධයක්.. තවමත් ඒක මගෙ හදවතේ තියෙනවා.. ඒ හින්දම මටයි රීනටයි දෙන්නටම දික්කසාදය පහසු දෙයක් වුණේ නෑ.. ඇත්තටම කියනවානම් මම අවුරුදු දෙකක් තිස්සෙම වැඩ කළෙත් නෑ.. එච්චරටම මම හැඟුම්බර වෙලා හිටියෙ.. මට කිරාන් හම්බ වුණේ අවුරුදු තුන හතරකට පස්සෙ..”

දික්කසාද වෙන්නට තීරණය කළ පසුව රීනා සහ ඔහු සිය දරුවන්ට තත්වය විස්තර කළහ. දික්කසාදයෙන් පසුවත් ඔහු පවුලෙන් ඈත් වූයේ නැත.

“මගේ ජීවිතේ වැදගත් භූමිකා රඟ පෑව කාන්තාවෝ තුන් දෙනෙක් ඉන්නවා.. ඒ තමයි මගේ අම්මා, රීනා, කිරාන්.. මගේ පවුලෙ හැම දෙනාගෙම විශේෂයෙන් මගේ අම්මගෙ පින්තූර මගෙ ෆෝන් එකේ මතක ගබඩාවේ තියෙනවා..” ඔහු කියා තිබිණි.

ඔහු කිරාන් සමඟ විවාහ වූයේ 2005 දීය. ඔවුහු 2011 දී සරොගේසි ක්‍රමයට පුතෙකු ලබා ගත්හ. එහෙත් ඒ විවාහයටත් ආයුෂ තිබුණේ අවුරුදු 15ක් පමණකි. 2021 අගෝස්තු මාසයේදී ඔවුහු දික්කසාද වූහ.

ඔහු නැවත රීනා දකින්නට යන්නේ ඇය සමඟ එක් වහලක් යටට වීමේ බලාපොරොත්තුවෙන්දැයි ඔහුගේ රසිකයන් විමසන්නේ එහෙයිනි. එහෙත් සිය දික්කසාද සැමියා පිළි ගන්නට ඇය මැළි වනු ඇතැයි කියන්නේත් ඔවුන්මය.

ලාල් සිං චද්ධා චිත්‍රපටියෙන් මී ළඟට ආමීර් දකින්නට හැකි වනු ඇත. දංගාල්, සීක්‍රට් සුපර් ස්ටාර් මෙන්ම මෙය ද ඔහුගේ දෙවැනි බිරිඳ කිරාන් රාඕගේ නිෂ්පාදනයකි.

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x