විශේෂාංග

කෙන්යාවේ හදපු ලංකාවේ ඇඟලුම් කම්හල

ඇඟලුම් ක්ෂේත්‍රය කියලා කියන්නේ වර්තමානය වන විට දුප්පත් පොහොසත් ගොඩක් දෙනෙක්ට රැකියා අවස්ථාවන් ලබා දීපු ක්ෂේත්‍රයක් කිව්වොත් නිවැරදියි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ඉහළම වටිනාකමක් අත්පත් කර දුන් ප්‍රධානම අංශ අතරින් ඇඟලුම් කර්මාන්ත අංශය ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

උගත් නූගත් සියලුම දෙනාට මේ ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථාවන් විවර කරදීම විශේශත්වයක්. බොහෝවිට ඇඟලුම් කර්මාන්තශාලා වල නව ප්‍රවණතාවයක් තමයි සේවක සේවිකාවන් සඳහා අවශ්‍ය කරන උසස් ආකාරයේ පහසුකම් ලබාදීම.

ඒ අතරින් වැඩි වැඩිදුර අධ්‍යාපන පහසුකම්,වැටුප් වේතන ඉහළ නැංවීම සහ විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභයන් ඒ අතරින් ප්‍රධානයි. මේ හේතු නිසාම ඉගෙනනොගත් ඉගෙන ගත් උපාධිධාරීන් පවා මේ වන විට ඇගලුම් ක්ෂේත්රයේ ඉහළ තනතුරු නියෝජනය කරමින් තමන්ගේ වෘත්තිය කරගෙන යනවා.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ තුළ අද්විතීය නාමයක් හිමි කරගත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් පිළිබඳවයි. ඉතින් කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේ කියන්න යන්නේ ලංකාවෙ තියෙන ඇඟලුම් කර්මාන්තශාලාවක් ගැන කියලා. ඇත්තටම එහෙම හිතනවා නම් ඒක එහෙම නෙවෙයි. මොකද අපි අද ඔබට කියන්නට යන්නේ කෙන්යාවේ ස්ථාපිත කරපු ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක් පිළිබඳවයි.

 

මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව හෙළ ක්ලෝතීන් ඇඟළුම් සමාගම ලෙස නම් කරනවා. එය ශ්‍රී ලාංකික පුද්ගලයකුට අයත් කර්මාන්ත ශාලාවක්. මේ ශාඛාවන් ශ්‍රී ලංකාව,ඉතියෝපියාව ,ඊජිප්තුව සහ කෙන්‍යාව නැමැති බොහෝ ස්ථානවල පැතිර පවතිනවා.

2016 වර්ෂයේ සිට කෙන්‍යාවේ ඇඟලුම් නිෂ්පාදනයේ පුරෝගාමී චරිතයක් වශයෙන් හඳුන්වන හෙල ක්ලෝතින් සමාගම මේ වන විට කෙන්යාවේ මුළු ඇඟලුම් අපනයනයෙන් 15%ක ප්‍රතිශතයක් හිමිකර ගන්නට තරම් දක්ෂයන් වෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් මුව ආවරණ සහ යට ඇඳුම් නිෂ්පාදනයන් සිද්ධ කරනවා.

ඉතින් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විශේෂත්වය තමයි මේ මඟින් ශ්‍රී ලාංකිකයන් හැට හතර දෙනකුට සහ කෙන්යාවේ වැසියන් 4600 කට රැකියා අවස්ථාවන් ලබා දී තිබීමයි. රැකියාවේ වියුක්තියෙන් කල් ගත කරන බොහෝ පුද්ගලයන්ට හෙල ක්ලෝතින් ඇඟලුම් කර්මාන්ත ශාලාව ජීවිතය දිනන්නට තෝතැන්නක් වුණා.

මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව කෙන්යාවේ නයිරෝබි නුවර තමයි පිහිටලා තියෙන්නේ. මෙහි අධ්‍යක්ෂවරයා දිලංක ජිනදාස මහතා යි. ඔවුන් මෝස්තර නිර්මාණය සිට බෙදාහැරීම දක්වා ගෝලීය වෙළඳ නාම සමඟ සමග සමීපව කටයුතු කරනවා. ඒ වගේම හරිත මූලාරම්භයන් නවෝත්පාදන ව්‍යාපාරික විසඳුම් සහ සදාචාරාත්මක හා තිරසාර සේවා පරිසරයක් හේතුවෙන් කෙන්යාව තුළ මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉහළ ප්‍රසිද්ධියක් හිමි කරගෙන අවසන්.

 

ඒ වගේම තමයි මේ කතාවේ සුවිශේෂීම දේ තමයි හෙල ක්ලෝතින් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිසා මෙරටට විදේශ විනිමය ආදායමක් උත්පාදනය කර ගැනීමට අපට අවස්ථාව උදා වීමයි. එම ආදායම වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක් බව මේ වන විට ගණනය කරලා තියෙනවා.

කෙසේ නමුත් ඉදිරියේදී කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් වීම නිසා මේ ආදායම ඉහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් පුරෝකතනය කළා. ඉදිරියේදී ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළම නාමයක් හිමි කර ගනිමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ආයතනයක් බවට මේ ආයතනය පත්වෙනවා නොඅනුමානයි. ඒ ගමනට අපි ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

M.ශෂිකලා මදුෂානි – srilankabrand.info වෙබ් අඩවිය.

BA in Communication Studies

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x