හොදට ඇවිදින්න පුලුවන් නම් සල්ලි දිලා ජිම් යනවට වඩා හොදයි

උපේක්ශා ස්වර්ණමාලි කියන්නේ ශ්රි ලංකා කලා ක්රේශත්රයේ ඉන්න ඉතාමත් ප්රවීන සහ දක්ශ රංගන ශිල්පිනියක් වගේම අති දක්ශ නර්ථන ශිල්පියක්. ඇය මුලින්ම ප්රේක්ෂකයන් අතර විශාල ලෙස ජනප්රිය වුනේ ITN නාලිකාවේ විකාශනය වූ “පබා” ටෙලිනාටය හරහායි.
ඉතින් මේ දින වල “පබා” ටෙලිනාටය නැවත විකාශනය වීමත් එක්ක ගොඩක් දෙනෙක් උපේක්ෂා ගැන කතා වෙනවා. පසු ගිය කාලයේ දී නම් ඇය කලාවට අමතරව දේශපාලනයට ද සම්බන්ධ වෙලා කටයුතු කරා. නමුත් මේ වන විට ඇය දේශපාලන ගමනට සමු දී කලා කටයුතු එක්ක විතරක් නිරත වෙලා ඉන්නව කියලයි අපිට දැනගන්න ලැබුනේ.
ඉතින් දේශපාලනයේ නිරත වුන කෙනෙක් විදියට ඇයට ඒ කාලයේ දි ලැබුන සැලකිලි තවමත් ලැබෙනවා කියලායි ගොඩක් දෙනෙක් කියන්නේ. ඒ ගැන උපේක්ෂා නම් කියන්නේ මේ වගේ දෙයක්. “නැහැ. කොහොමටවත්ම නැහැ. මෙහෙමයි අතලොස්සක් හතර පස් දෙනෙක් තවමත් මනුස්සකමින් ඉන්නවා. එදා හිටපු අයගෙන් සියයට අනුනවයයි දශම නවයක්ම මාව අත්හැරලා ගියා. ඒ අය මා ලග ඉදලා තියෙන්නේ ලාභ ප්රයෝජන ගන්න විතරයි.” කියලයි.
ඉතින් ඇය ප්රවීන් රංගන ශිල්පිනියක් වූවත් එදාටත් වඩා අද ඉතාමත් සුරූපි කෙනෙක්. ඉතින් ඇය ඇයගේ ශරිරය පවත්වාගෙන යන ආකාරය ගැනත් කියන්නේ මේ වගේ දෙයක්. “පිරිසිදු ආහාර ගන්නවා. වතුර බොනවා. ඒ විතරක් මදියි. අපේ සම පිරිසිදුව නිරෝගිව තියාගන්නත් ඕනේ. ඒ නිසා තරබාරු වීම වළක්වා ගන්න ව්යායෑම් කරනවා.
ඒකත් කාර්යබහුල වුණාම අපහසුයි. එතකොට ඉතින් ගෙදර වැඩ ටික කරනවා. අඩුම තරමේ හොදට ඇවිදින්න පුලුවන් නම් සල්ලි දිලා ජිම් යනවට වඩා හොදයි. පැය 6ක -8ක හොද නින්දක් තියෙන්න ඕනේ. නැත්තම් ශරිරය දුර්වල වෙන්නත් පුලුවන්.” කියලයි.