විශේෂාංග

ලාංකික ආහාර කළාව ජාත්‍යන්තරයට ගෙන ගිය පුංචි චෙෆ්

පිට රටින් එන මගේ විදේශික මිතුරියෝ ලංකාවේදී අඩුවක් නැතුව රස විඳින දෙයක් තමා ශ්‍රී ලාංකික ආහාර කියන්නේ. අපේ කෑමට අපිටම ආවේණික රසයක් තියනවා. ඒ නිසාම වෙන්න ඇති ලෝකේ කොහේ ගිහින් මොන රස කෑම කෑවත් සති දෙකක් යද්දී මට නම් එපාම වෙනවා.

2020 වසරේ නොවැම්බර් මාසයේ ලෝකේ පුරාම ඉන්න ලාංකික අපිට අපේ ආහාර වේල ගැන ආඩම්බරයට පත් වෙන්න අවස්තාවක් ලැබුණා. ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික සම්භවයක් තිබෙන ජෝර්ජියා කියන පුංචි දුව junior MasterChef Australia – 2020 තරඟයේ ජයග්‍රහණය හිමි කර ගත්තා. ඇමරිකන් ඩොලර් 25,000 ක ඒ කියන්නේ ලංකාවේ මුදලින් මිලියන 4.7 ක් වගේ මුදල් ත්‍යාගයක් මේ පුංචි දියණිය හිමි කරගත්තා. ඒ මූල්ය ත්‍යාගයට වඩා ලංකාව කියන පුංචි රටේ ආහාර වේලේ තිබෙන රසවත්කම සහ ගුණවත්කම ගැන ඇය මුළු ලෝකෙටම පණිවිඩයක් දුන්නා. මෙවැනි සිදුවීමක් සංචාරක කර්මාන්තය කරා වුනත් යහපත් ලෙස බලපාන්න ලොකු ඉඩක් තිබෙනවා.

මිනිබිරීට සූප සාත්රය දායාද කළ අත්තම්මා 

ජෝර්ජියා දුව මුල සිටම විනිශ්‍යය මණ්ඩලය වසඟ කර ගෙනයි හිටියේ ඇගේ රසවත් ලාංකික සූපයන්ගෙන්. ඇගේ අම්මගේ අම්මා තමා මේ අයුරින් රසවත්ව ආහාර පිසීමට ඇයට කියා දී තිබුණේ.

ඇගේ අල කරිය සහ පොල් රොටී කාල බලපු විනිශ්‍යය මණ්ඩලය කුළු බඩු නියම ප්‍රමිතියට දැමීම ගැන ඇයට ප්‍රසංසා කළා. මුල සිටම ඇය ඉතා ඉවසිල්ලෙන් මේ ආහාර පිළියෙළ කිරීම සිදු කළා.

මොනවද මේ දිනුම ලබන්න ජෝජියා සැකසුවේ ? 

අවසන් වටයේදී ඇය පිසුව ආහාර වල ෆොටෝ එකක් පල වෙනවා. ඌරු මස් කරියක්, කජු කරි, වම්බටු බැදුමක් , ශ්‍රී ලාංකික කහ බත් , පිපිඥ්ඥා රයිතා සහ පපඩම් ඒ ප්‍රධාන වේලට එකතු වුණා. අතුරු පසත් පොල් අයිස්ක්‍රීම් මත පදනම් වුනු “ Tropical Mess “ කියන ඇගේම රෙසිපි එකක් ඇතුලත් වුණා.

ශ්‍රී ලාංකික ආහාර ගුණයෙනුත් ඉහළයි 

ආහාර පිසින හැම වතාවකම මම කල්පනා කරනවා එක වේලකට අපි කොපමණ නම් බෙහෙත් වර්ග ආහාරයට එකතු කරගන්නවද කියල. කහ, කොත්තමල්ලි, සූදුරු, මහදුරු , කරාඹුනැටි, එනසාල් , කුරුඳු, සියඹලා , සුදු ළූණු , උළුහාල්, ගම්මිරිස් මේ හැම දෙයක්ම සිරුරේ නිරෝගී කම වැඩි කරන ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරන බෙහෙත් වර්ගයි.

ඒ අතරින් සමහර කුළුබඩු අත්බෙහෙත් වලටත් යොදා ගන්නවා.

සියඹලා මළ බධ්ධය සමනය කිරීමට
කරාඹුනැටි දත් සහ වීදුරුමස් රෝග වලින් ආරක්ෂා වීමට
ගම්මිරිස් ඇදුම රෝගයට පිලියමක් ලෙස
කොත්තමල්ලි කිරි එරීම වැඩි කරන්න

ඉතින් අපේ රටේ ආහාර සම්ප්‍රධාය ජාත්‍යන්තරයට ගෙන් ගොස් රටට කීර්තියක් අත්කර දුන්නු පුංචි දුවට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතරේ ඔයාල හදන ඔයාලගේම ලාංකික ආහාර වර්ග වල රෙසිපි, තුනපහ රෙසිපි වගේ දේවල් අපි එක්ක කමෙන්ට් වලින් බෙදා ගනීවි කියල බලාපොරොත්තු වෙනවා.

අපේම ආරෙට ආහාර වගේම අපේම ආකාරයට දත් ටිකත් රැකගමු 

මේ කාලේ දන්ත වෛද්‍ය වරයෙක් වෙතට ගියොත් පොඩ්ඩෝ කී දෙනෙක් නම් දත් සහ වීදුරුමස් රෝග වලට ගොදුරු වෙනවද කියල බලන්න පුළුවන්. අපේ රටේ අපිටම අවේනික ආහාර අපේ system එකට ගැලපෙනවා වගේ තමයි දරුවන්ගේ දන්ත සෞක්‍යය රැකගන්නත් අපේ ක්‍රම අනුගමනය කරන එක ගොඩක් වටිනවා. හර්බල් කියල දන්තාලේප මොන තරම් තිබුනත් අපේම රටේ හැදෙන ස්වභාවික කරාඹුනැටි අඩංගු නිෂ්පාදන තමයි ලාංකියන්ට හොඳටම ගැලපෙන්නේ.

අපේ අත්තම්මා අත් බෙහෙත් ශූරියක් 

මුනුබුරන්ගේත් දරුවෝ දැකල අදටත් අවුරුදු 90 ක් නිරෝගීව ආයු වළඳන මගේ අත්තම්මා අපි පුංචි කාලේ නිතරම ලුණු වතුරින් අපේ කට සෝදනවා. ඒ වගේම මෑතක් වන තුරු අත්තම්මගේ දත් හොඳට තිබ්බා. විටින් විට කරාඹුනැටි සැපීම කට සුවඳවත් කරන බවත් , දත් කැක්කුම් වලට පිලියමක් බවත් ඇය නිතර කියනවා. දත් කැක්කුම් තිබෙන පුංචි දරුවන්ට ඇය කරාඹු නැටි හෝ තෙල් හක්කේ ආලේප කරනවා. පුංචිම කාලේ අම්මලා වැඩට යන නිසා අපි ගණනින් 15 ක් විතර දවල්ට බලාගත්තේ ආච්චියි සීයයි කියල මම කලින් ලියල ඇති.

කරාඹුනැටි වල ආවේනික රස සහ සුවඳ ලැබිලා තියෙන්නේ එහි ඇති ඉයුජිනෝල් සංයෝගය නිසයි. දන්තාලේප සහ මවුත් වොෂ් හදන්න මේ කරාඹු නැටි යොදන්නේ මෙන්න මේ ඉයුජිනෝල් නිසයි. සායනිකව තහවුරු කර ඇති පරිදි මේ වටිනා සංයෝගය දත් මුල් දියවීම ඇතිකරන බැක්ටීරියා වලින් මුව ආරක්ෂා කරනවා. එය ස්වභාවික විෂබීජ නාශකයක් නිසා දත් දිරා යාමෙන් වළක්වනවා. කටේ තියන දුගඳ පවා නැති කරන්න කරාඹු නැටි වලට අපූරු හැකියාවක් තියනවා. පැරැන්නෝ විටක් කද්දී කරාඹුනැට්ටක් යොදා ගත්තේ මේ දේවල් ගැන හොඳින් දැන සිටි නිසයි.

මස් මාළු උයද්දී මෙන්න මේ නිසයි ආච්චිලා මතක ඇතිවම කරාඹු නැටි කීපයක් දාන්නේ. මගේ අත්තම්මා නිසාම මාත් හැම ඉවීමකදීම නිසි ලෙස කුළුබඩු යොදනවා.

කොහොම වුනත් වර්තමානයේ අපි මේ ගැන දැනුම නැති නිසා උයන්න ඔහේ කඩෙන් ගේන රසකාරක පැකට් එකක් කඩලා දානවා. අපි කරාඹු නැටි තෙල් ගන්නේ ගෙදර සුවඳ කරන්න බර්නර් එකේ දාන්න විතරයි. මීට පස්සේ වත් ගුණ ගැන සලකලා ඉවුම් පිහුම් වලට වගේම මුඛ සෞක්‍ය රැකගන්නත් අපේම දේශීය අමුද්‍රව්‍ය යොදාගන්න අමතක කරන්න එපා.

goodhousekeeping.lk වෙබ් අඩවියෙනි. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x