තරු කතා

සරල සැහැල්ලු ඇදුමට මම කොහොමත් කැමතියි

කිශානි අලංකි පෙරේරා කියන්නේ ශ්‍රී ලාංකික කලා ක්‍රේශත්‍රයේ ඉන්න තවත් එක් දක්ශ නිළියක් වන අතර ඇය රූපවාහිනී තිරයේ වගේම චිත්‍රපට වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝවල පෙනී සිටිමින් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධියක් ලබා ගත් තැනැත්තියක්. ඇයගේ පියා ක්‍රිෂාන්ත වන අතර මව සමන්තියි.

ඔවුන්ගේ එකම දරුවා තමා මේ ක්‍රිශානි කියන්නේ ඉතින් කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ ඇය නීතිය පිළිබඳ උපාධියක් හැදාරලා තියෙනවා. ක්‍රිශානි සන්ලයිට්, ලක්ස්, ඩයලොග් සහ ෆැන්ටා වැනි නිෂ්පාදනයන් ඇතුළු වෙළඳ දැන්වීම් හතළිහකට අධික සංඛ්‍යාවක පෙනී සිටිමින් වෙළඳ දැන්වීම් සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තියක් ලබාගෙනත් තියනවා.

 

ඉතින් ඇය බොහෝ කීර්තිමත් නිෂ්පාදන අනුමත කර ඇති අතර සන්නාම තානාපතිවරියක් ලෙස බොහෝ වෙළඳ නාම සමඟ හවුල් වී වැඩකටයුතු කරනගෙන යනවා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ඇය මුලින්ම පේක්ශකයන් අතර ජනප්‍රිය වුනේ “සුළගන කිරිල්ලියේ” යන මියුසික් විඩියෝව හරහා යි.

ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාටය කිහිපයක් ලෙස “දෙහදක් ආදරෙන්”,”හිතට වහල් වෙමි”,”මොණර කඩදාසි”,”රාහු” ආදි ටෙලිනාටය දක්වන්න පුලුවන්. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන සිනමාපට ලෙස “අනිත්‍යා” සහ “ආදරයේ නාමයෙන්” යන සිනමාපට දක්වන්න පුලුවන්.

 

ඒ වගේම ඇය දේශීය පුණ්‍යායතනවල ද ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනවා කියලත් අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඇය ගොඩක් විලාසිතා කරන කෙනෙක් විදියට ඇය ගොඩක් කරන්න ආස විලාසිතා ගැන කියලා තියෙන්නේ මේ වගේ දෙයක්.

“මම මට ගැලපෙන ඕනෑම ඇදුම් විලාසිතාවක් කරනවා. බොහෝ වෙලාවට කොට ගවුම්,ජීන්ස්,ටී ශර්ට්,ස්කිනර්ස් වලට කැමතියි. සරල සැහැල්ලු ඇදුමට මම කොහොමත් කැමතියි” කියලයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x