හොලිබොලි ගොසිප්

රශ්මිකා හොර රහසේම ගිය ගමන මාට්ටු වෙයි

රශ්මිකා මන්දනාව දන්නවද? එහෙම අහන්නද, නැත්තම් මෙහෙම අහන්නද ? “ගීතා ගොවින්දම්” බලලා තියෙනවාද ? ඔබ “අම්මෝ !! ඔව් ඔව්” කියාවී…

ඒ මොකද ගීතා ගෝවින්දම් කියන්නේ ඉන්දියාව පිස්සු වට්ටපු, බොහෝ දෙනෙක් අතරේ කතාබහට ලක් වුණු චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කළ විජෙයි දෙව්කන්ඩා සහ රශ්මිකා අනතුරුව ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ උන්මාදයක් බවට පත් වුණා.

ඉන් පස්සෙත් මේ දෙන්නව චිත්‍රපට කිහිපයකින් ම දැක බලා ගන්න පුළුවන් වුණා.

හොඳයි…. කොහොම වුණත් පසුගිය දවසක රශ්මිකා ගැන අලුත්ම ආරංචියක් එළියට ආවා. (ආරංචියක් කිව්වට ඡායාරූප පෙළක්.)

කොහොම වුණත් මේ ඡායාරූප පෙළේ ඇත්ත කතාව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

පසුගිය සිකුරාදා දවසේ මන්දනා මුම්බායි ගුවන් තොටුපළෙන් පිටත ස්ථානයකදී තමයි දැකගන්න ලැබිලා තියෙන්නේ. බැලූ බැල්මට ඇගේ ඇඳුම් සහ අනිකුත් විලාසිතාවන් වලින් “මේ ඉන්නේ රශ්මිකාමයි” කියන්න ගොඩක් අයට අපහසුයි.

කොහොම වුණත්, මේ නම් ඇයම තමයි. අව් කණ්ණාඩිත් පැළද ඇවිද යන සුරූපී නිළිය කොහොම හරි කවුදෝ පැපරාසියෙකුගේ කැමරා ඇසකට සේන්දු වෙලා.

රශ්මිකා කියන්නෙ වෙනස්ම රංගනයකින් බොහෝ දෙනා වසඟයට ගත්ත කෙනෙක්. ඉතින් ඉස්සරහට ඇගේ ඒ අපූරූ රංගනයින් බොහෝමයක් ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවන්.

ආරංචිය හැටියට බොලිවුඩයේ දැවැන්තයා “අමිතාබ් බච්චන්” සමඟ “රශ්මිකා ගුඩ්බායි” නමින් චිත්‍රපටයකුත් රශ්මිකා කරන්න යනවලූ.

ඒ වගේම තෙළිඟු සිනමාවේ “ස්ටයිලිශ් ස්ටාර්” ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින අල්ලු අර්ජුන්ගේ ඊළඟ චිත්‍රපටය වන “පුෂා” චිත්‍රපටයෙනුත් ඇයව ඔබට දැකගන්න පුළුවන්. (අල්ලු+රශ්මිකා කියන්නේ බොහෝ දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු දෙන්නෙක්.)

By Lakshan
ඉන්දිය මාධ්‍ය ඇසුරිනි.. 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x