තරු කතා

අපි වෙන්වුණාට දරුවන්ට අපි ආදර්ශමත් වෙලා තිබෙනවා

රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන චන්න පෙරේරා විවාහ වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් සමගින්. මීට වසර ගණනාවකට පෙර ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන්වුණා. මේ වනවිට චන්න තනිවම දිවිගෙවන අතර ගයාත්‍රි දියණියන් දෙදෙනා සමග විදේශගත ව තිබෙනවා. පසුගිය දිනෙක කැළුම් විජේසූරිය මෙහෙයවන යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චන්න ගයාත්‍රි ඩයස් පිළිබඳව මෙලෙස පවසා තිබුණා.

“මොනවා වුණත් ඇය මගේ දියණියන් දෙදෙනාගේ මව. හැබැයි ඇයටත් ජීවිතයක් තිබෙනවා. දැන් ඇය නීතිමය බැඳීමක් මාත් එක්ක නැහැනේ. දැන් ඇයව මම දකින්නේ මනුස්ස දුවෙක් හැටියට. ඇයට පෞද්ගලිකත්වයක් තිබෙනවා. ඇයට ජීවිතයේ ඕනෑම තීරණයක් ගන්න අයිතිය තියෙනවා. ඒ හැර ඒක මට බලපාන්නේ නැත්නම් ඒ ගැන මම කතා කළ යුතු නැහැ. ඒක ඇගේ ජීවිතය.

ඉතින් වැදගත් වන්නේ ඇය මවක් හැටියට කොච්චර මගේ දරුවන්ගේ යුතුකම් කරනවාද කියන එක. ඉතින් එතන කිසි ප්‍රශ්නයක් නැහැ. මම හැමතිස්සේම දන්නවා ඇය තීරණයක් ගනිද්දි දරුවෝ ගැන හිතනවා කියලා. ඉතින් ඒ වගේම මමත් හිතනවා. ඇය මගේ දුකකදි හැමවෙලේම කතා කරනවා.

මම ඇගේ දුකකදි ඇය වෙනුවෙන් පෙනී හිටිනවා. අනිත් එක තමයි මමවත් ඇයවත් කිසිම කාලෙක අපි දෙන්නව විවේචනය කරගෙන නැහැ. කිසිම පුවත්පතකවත් මාධ්‍යකවත් විවේචනය කරගෙන නැහැ. අපි වෙන්වුණාට දරුවන්ට අපි ආදර්ශමත් වෙලා තිබෙනවා. අපි විවාහයෙන් වෙන්වුණාට ගයාත්‍රිත් මට කවදාවත් ඇඟිල්ල දික් කරලා නැහැ. මමත් ඇයට අත දික් කරලා නැහැ.

අපි හැමෝම ඇට මස් ලේවලින් හැදිච්ච මිනිස්සු. අපි හැමෝම තුළ දුර්වලකම් තිබෙනවා. විවාහයකදි එකතු වෙන්නේ විවිධ අදහස් තිබෙන දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නට නොගැලපීම් කාලයක් යද්දි තමයි දැනෙන්නේ. අපි තාරුණ්‍යයේ ඉද්දි මත ගැටුම් තිබුණා. හැබැයි අපි වියපත් වෙද්දි ඒවා බොහෝම ලස්සනට විසඳගෙන බොහෝම කැමැත්තෙන් අපි කතා කරගෙන වෙන්වුණා. අපි මුළු ජීවිත කාලේම විවාහයක් නිසා හිතෙන් දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ.”

සම්පූර්ණ වීඩියෝව පහතින්.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x