තරු කතා

මම නාඩගම්කාරයෝ නාට්‍යයේ රසිකයෙක්

ධර්මප්‍රිය ඩයස් කියන්නේ මේ වෙද්දි ලංකාවේ විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙකක කැපී පෙනෙන චරිත රඟපාන රංගන ශිල්පියෙක්. දෙවෙනි ඉනිම නාට්‍යයේ ආනන්ද ලෙසත්, නාඩගම්කාරයෝ නාට්‍යයේ බින්දුසිරි කබ්රාල් ලෙසත් ධර්මප්‍රිය ඩයස්ව දැකගන්න පුළුවන්.

මේ අතුරින් නාඩගම්කාරයෝ නාට්‍යයට ධර්මප්‍රිය ඩයස්ගේ පැමිණීම සිදුවන්නේ මෑතකදීයි. පසුගිය දිනෙක ඔහු යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාඩගම්කාරයෝ නාට්‍ය පිළිබඳව මේ විදිහට අදහස් දක්වා තිබුණා.

“මම නාඩගම්කාරයේ නාට්‍ය මුල් කාලයේ ඉඳලා මේ වෙනතුරුත් බලනවා. මම බොහෝම ආදරයෙන් වැළඳගත් නාට්‍යයක්. මම ජීවිතේට මේකේ රඟපායි කියලා නොහිතපු කාලේ වුණත් මම රසිකයෙක් නාඩගම්කාරයෝ නාට්‍යයේ. මට හිතවත්, දුරකතන අංක තිබෙන මගේ හිතවතුන්ට මේකේ රඟපාන මම පෞද්ගලිකවම මැසේජ් යවලා තියෙනවා සුබ පතලා.

මේකේ චරිතවලට අරගෙන තියෙන අය නැතුව වෙන කවුරුහරි ගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. සමහර නිර්මාණවලදි එහෙම හිතෙනවානේ. හැබැයි මේ නාට්‍යයේ එහෙම හිතුනේ නැහැ. හැමෝම ඕකේ. මම ඒකේ හොඳ රසිකයෙක්.”

සම්පූර්ණ වැඩසටහන පහතින්…..

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x