විශේෂාංග

මහානාම විදුහල්’94’ කණ්ඩායම පාසල වෙනුවෙන් යුතුකම් ඉටුකරයි

මහානාම විද්‍යාලය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුහලක්. කොවිඩ් වලින් පස්සේ යළි පාසල් විවෘත වෙන්නත් ලෑස්තියි. මේ හැමදේම වෙද්දි මහානාම විද්‍යාලයේ 94 කණ්ඩායම විසින් සිය පාසල වෙනුවෙනුත් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙනුත් කරපු අපූරු යුතුකමක් ගැන වාර්තා වුණා.

ඒ එම පාසලේ දරුවන්ගේ භාවිතය සඳහා නවීකරණය කල වැසිකිලි පද්ධතියක් නිර්මාණය කර දීමයි. බොහෝ දෙනෙක් එවන් කරුණක් සම්බන්ධයෙන් හෝ තමන් අකුරු කල පාසල වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට අමතක වූ සමයක මෙවන් ක්‍රියාවක් සිදුකිරීම අගය කල යුතුයි. විශේෂම කරුණ වන්නේ දරුවන්ට උපදේශාත්මක දැන්වීම් පුවරුවක්ද මේ සමගම එයට එක් කර තිබීමයි.

මේ පිළිබඳ විශේෂ ෆේස්බුක් සටහනක් සටහන් කරමින් මහානාම විද්‍යාලයේ 94 කණ්ඩායමේ සාමාජිකයෙකු වන සිරස ටීවී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි සුසාර දිනාල් සිල්වා මහතාද අදහස් එක් කර තිබුණා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x