ජනප්‍රිය නළු සජිත ඇන්තනී ආදරණිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් තැබූ සටහන.

කලා පවුලකින් හිමිවූ සහජ දක්ෂතා සහ හැකියාවන් තුරුළු කරගෙන මෙලොව එලිය දුටු සජිත අනුත්තර ඇන්තනි කියන්නේ මේ වෙද්දී ලංකාවේ ඉන්න අති දක්ෂ ඒ වගේම කලාවට නැතිවම බැරි කෙනෙක්. ඔහු ජැක්සන් ඇන්තනි නම්වූ ඒ මහා කලාකරුවාගේ ආදරණිය බාල පුතා. තාත්තගේ සහ දස්කම් හැකියාවන් ඔහුට පිහිටා තිබෙනවා. මේ වෙද්දී සිනමාවේ වගේම පුංචි තිරයේ අති දක්ෂයෙක් තමයි සජිත කියලා කියන්නේ. ඔහු තුලින් පෙනෙන්නේද ජැක්සන් ඇන්තනි කලාකරුවා වීමද සුවිශේෂියි.
මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට පාත්රවූ සරා වෙන්නේද ඔහුයි. සරා කියන චරිතයට ඔහු උපරිම සාධාරණයක් ඉටුකරනවා. ඒ වගේම මෙට්‍රෝ හීන ටෙලි නාට්‍යයේද ඔහු ශාලිකගේ චරිතයට පොවනවා. රංගනයට , ගායනයට, වාදනයට, නිවේදනයට, නර්තනයට මේ හැමදෙයටම ඔහු එකෙලෙසින්ම දක්ෂයි.
සජිත විවාහ වෙන්නේ ආදරණිය බිරිඳ බුවී සමගින්. ඇය සුන්දර යුවතියක්. මේ දෙදෙනා ඉතාමත් සුන්දර ආදරණිය ජිවිතයක් ගත කරනවා. ආදරණිය බිරිඳ බුවිගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සජිත ආදරණිය සුබ පැතුමක් එක්කර සිටියේ මෙලෙසින්, ආකාසේ ඉදන් සැහැල්ලුවෙන් ආදරේ කරපු කාලේ බැස්සහමත් ඒ ආදරේ ඒ නැවුම් බවින්ම ඔයා මට දුන්නා. ඔයාව මේ ලෝකයට බිහිකරලා දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා. ඔයාගේ සියලු පැතුම් ඉටුවේවා. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. මගේ මැණිකේට සුබ උපන්දිනයක් වේවා.