කොලිවුඩය කළඹමින්, සුපිරි නළු සූර්යාගේ සුපිරි මන්දිරයට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් එයි

කොලිවුඩයට ආදරේ කරන බොහෝ දෙනෙක් දැන හඳුනන “සිංගම්”, එහෙම නැත්තම් “සූර්යා”ව නොදන්න කෙනෙකු නොමැති තරම්…
මේ දිනවල ලොව පුරා ආදායම් වාර්තා තබමින් තිරගත වන Jai Bhim චිත්‍රපටයත් සමඟ බොහෝ පිරිසකගේ අවධානය මේ සුපිරි නළුවා වෙත යොමුව තිබෙනවා.
සාධාරණය වෙනුවෙන් සටන් වදින “නීතිඥවරයෙකු”ගේ චරිතයකටයි සූර්යා එහි පණ පොවන්නේ.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටය නිසාම සූර්යාට තර්ජන එල්ල වන බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මේ හේතුව නිසාම සූර්යාගේ නිවසට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
90 දශකයේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් දිග හැරුණු ජයබිම් චිත්‍රපටය රසික රසිකාවියන් අතරේ උන්මාදයක්, ආන්දෝලනයක් ඇති කළ අතර මෙය ගූගල් පරිශීලකයින්ගේ ද ප්‍රසාදයට ලක් වුනේ නොසිතූ අයුරින්.
පිරිසක් සූර්යා ඇතුළු චිත්‍රපට කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් කෝටි 5ක වන්දියක් ද ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, බොහෝ දෙනා සූර්යාට සහය පළ කරමින්, ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම එල්ල වන තර්ජන නිසා සුපිරි නළුවාගේ නිවසට ආරක්ෂාව යොදවා ඇති බවටයි තොරතුරු වාර්තා වුනේ.
By Lakshan – ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.