තරු කතා

ජනප්‍රිය නිළියක් විවාහ කරගන්නවා කියලා කිව්වා

බිනෝෂ් පීරිස් කියන්නේ පහුගිය කාලේ සංගීත රූප රචනාවක් නිසා වගේම ගොසිප් නිසා වැඩි වශයෙන් කතාබහට ලක්වුණු ගායන ශිල්පියෙක්. අවලංගු කාසියක් සංගීත නිර්මාණය හරහා බොහෝ දෙනෙක් දැන හඳුනාගත්ත බිනෝෂ් ඔහුගේ කලා කටයුතු ගැන වගේම තවත් බොහෝ දේ ගැන trending Colombo web අපිත් එක්ක කිව්වේ මෙන්න මේ විදිහට.

බිනෝෂ් ගැන කෙටියෙන් කියමු ?

මගේ නම බිනෝෂ් පීරිස් මගේ රසිකයන් මාව ආමන්ත්‍රණය කරන්නේ බිවෝක් කියලා..මගේ markerting name එක ඒක. මම ඉපදුණේ හලාවත ,මගේ පවුලේ විස්තර කිව්වොත් අම්මයි, තාත්තයි, මමයි, අක්කයි ඉන්නේ. කෙටියෙන්ම මං ගැන කියනවනම් ගොඩක් තරහ යන, කට පොඩ්ඩක් හොඳ නැති, ආඩම්බර, හැබැයි අහිංසක හිතක් තියෙන බොහොම නිහතමානී පුද්ගලයෙක්.

මොනවද අලුත්ම සංගීත නිර්මාණ ?

අවලංගු කාසියක් තමයි මගේ පළවෙනි නිර්මාණය එක බොහොම මෑතකදී release වුණා. ඊට පස්සෙ ඒකෙ remake එක කළා රිද්මය කියලා. ඊට අමතරව අලුත්ම නිර්මාණ ගැන කියනවා නම් මම තනු නිර්මාණය කළ ගීත දෙකක් මේ දවස් වල නිර්මාණය කරගෙන යනවා. ඊට අමතරව උදාර සමරවීර මහත්මයාගේ තනු නිර්මාණයෙන් තවත් ගීතයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ අවුරුද්ද අවසානයේ ඒකත් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මගේ බෑන්ඩ් එක heart black ඒකෙ සංගීත කටයුතුත් කරගෙන යනවා. heart black සංගීත කණ්ඩායමෙත් ලොකු කොන්සර්ට් එකක් ළගදිම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර ?

අවුරුදු 12ක 13ක ඉඳන්ම මගේ බෑන්ඩ් එක හරහා රසික ප්‍රතිචාර මට ලැබෙනවා.හැබැයි අවලංගු කාසිය සහ රිද්මය කියන සින්දු දෙකෙන් පස්සේ මට අලුත්ම රසික පිරිසක් එකතු වුණා. ඒ දේවල් ලැබුණේ මහන්සිවෙලා වැඩ කරපු නිසා .ගැහැනු පිරිමි දෙපාර්ශවයෙන්ම මට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා මේක ඉතාමත් අවංකවම කියන දෙයක් .කඩේකට ගියත් ද එළියෙ වැඩකට ගියත් ඉස්සර මාව අඳුනන්නේ නැති මිනිස්සු දැන් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා.ආශිර්වාද කරනවා. අවංකවම කියන්න ඕන රසික ප්‍රතිචාර මහ ගොඩක් නැහැ. මම මහ ලොකු මනුස්සයෙක් නෙමෙයි.හැබැයි මට දැනෙන්න රසික ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ ලබාදෙන ආදරේ වෙනුවෙන් මම බොහොම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම හැමදාම මාත් එක්කම ඉන්න කියලා මං ඒ හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

බිනෝශ් ජනප්‍රියත්වය පස්සේ දුවන කෙනෙක්ද?

මෙහෙමයි ජනප්‍රියත්වය කියන එකට කවුරුත් ආසයි. අවංකවම පුද්ගලිකව මමත් ආසයි. හැබැයි මට එක දෙයක් කියන්න ඕන ජනප්‍රියත්වය සහ දක්ෂතාවය කියන්නේ දෙකක්. ඒක පටලවගන්න හොඳ නෑ .අපි යම් දෙයකට දක්ෂ නම් තමයි අපට යම් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ, ඒක වරප්‍රසාදයක් සහ වාසනාවක්. මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙනවා නම් මම ජනප්‍රියත්වය පස්සේ දුවන කෙනෙක් නෙමෙයි .මට ජනප්‍රිය වෙන්න ඕන මිනිස්සුන්ට වැඩක් කරලා පෙන්නලා. මට තව කෙනෙක්ගෙ හිත දිනා ගන්න වැඩක් කරන්න බැරිනම් මට ජනප්‍රිය වෙන්න බැහැ . ජනප්‍රියත්වය පස්සෙන් දුවන්නේ නැහැ, හැබැයි ජනප්‍රිය වෙන්න ආසයි . ඉස්සරහට කරන වැඩත් එක්ක මම ලංකාවේ අයට පිටරටවල ඉන්න අයට දැනෙන්න වැඩක් කලොත් මම අනිවාර්යෙන්ම ජනප්‍රිය වෙනවා කියන එක මම දන්නවා. හැබැයි මහලොකුවට ජනප්‍රිය වෙන්න ආස මනුස්සයෙක් නෙමෙයි බිනෝෂ් පීරිස් කියන්නේ .මගේ වොයිස් එකෙන් තව කෙනෙක්ට හිතට දැනෙන්න වැඩක් කර ගත්තොත් මට ඒ ඇති. මම කියන සිංදුවකින් මගේ රසිකයො සැනසෙනවා නම් මට ඊට එහා ජනප්‍රියත්වයක් ඕන නැහැ.

පසුගිය කාලය හැදුනු කටකතා බිනෝශ්ගෙ සංගීත ගමනට බාධාවක් වුණේ නැද්ද?

ඇත්තටම කියන්න ඕන මම නම් කටකතා හැදෙනවට බොහොම ආස පුද්ගලයෙක්. මොකද මනුස්සයන්ට කටකතාවක් හැදෙනව කියන්නෙ ඒ මනුස්සයා දැනෙන්න වැඩක් කරලා තියනවා කියන එක. මම ආසයි මට කටකතා හැදෙනවට. එහෙම වුණා කියලා මගේ සංගීත ගමනට කවදාවත් බාධාවක් වුණේ නැහැ. මම බොහොම ස්තුතිවන්ත වෙනවා මට කටකතා හදපු අයට. ඒ හැදුනු කටකතාවලින් මගේ සිංදුවේ එක විව් එකක් හරි වැඩි වුණා. bivok කියන්නේ කවුද කියලා දැන ගත්තා. නමුත් කට කතා කියන ඒවා ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්. ඒවා ඇත්තක්ද නැත්තක් ද කියලා දන්නෙත් අවශ්‍ය පුද්ගලයා විතරයි. කටකතා හදන අයට ඕන කතාවක් හදන්න පුළුවන්. ඒක මගේ සංගීත ගමනට කිසිම බාධාවක් වුණේ නැහැ. මම නිතරම කියන්නේ කලාකරුවන්ගෙ පෞද්ගලිකත්වය ගැන රසිකයො හොයන්න අවශ්‍යතාවයක් නැහැ . හැබැයි ඒක දැනගන්න ඕන්නම් දැනගත්තට ප්‍රශ්නෙකුත් නෑ හරි විදිහට. මේ කාලේ වැරදි යූටියුබ් චැනල් වැරදි මාධ්‍යයන් ගොඩක් ලංකාවෙ තියෙනවා . මට නම් කටකතා හැදුණට කමක් නෑ මම ඒකට හරි ආසයි . මගේ සංගීත ගමන ඉදිරියට යන්නෙත් කටකතා හින්දා කියලා මට හිතෙනවා. මම බොහොම ආසාවෙන් බොහොම ආදරෙන් වැළඳ ගන්නවා කටකතා සියල්ලම.

ජනප්‍රිය නිළියක් සමග විවාහ වෙන්න යනවා කියලා කතාවක් තිබුණා, බිනෝශ් තවමත් තනිකඩයෙක්ද?

ජනප්‍රිය නිලියක් සමග විවාහ වෙන්න යනවා කියලා කතාවක් තිබුණා. ඒකත් අර කටකතා කැටගරි එකට යන එකක්. නමුත් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම තාම තනිකඩයෙක්. මම තවම කසාද බැඳලා නැහැ. කසාද බඳින්න බලාපොරොත්තුවක් තියෙනවා. ජනප්‍රිය නිළියක් සමඟ නිළියක් සමඟ විවාහ වෙන්න යනවා කියන කතාවෙන් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් මගේ පෞද්ගලික හේතු මත මට වෙනස් කරන්න ඕන තැන්,මට වෙනස් නොකරන්න ඕන තැන් මගේ ජීවිතේ මම වෙනස් කරනවා. ඒවට මම සැලෙන්නේ නෑ. අපි ඉස්සරහට බලමු මම විවාහ වෙන්නේ කවුරු සමග ද , මගේ පෙම්වතිය කවුද කියන එක මගේ කටින්ම මගේ දයාබර ප්‍රේක්ෂකයන්ට මම ලඟදිම කියනවා. හැබැයි දැන් නෙමෙයි ඒකට වෙලාව මම හැමදාමත් මගේ රසිකයන්ට කියන්නේ මගේ මගේ සිංදු අහන්න සින්දු අහන්න ඒ වගේ හොඳ නරක කියන්න කියලා. මගේ විවාහය ගැන ඇත්තම ඇත්ත ඉතාමත් ඉක්මනින් කියන්න මම සූදානම්.

මොනවද අනාගත බලාපොරොත්තු ?

ඇත්තටම අනාගත බලාපොරොත්තුව ලංකාව ඇතුලේ දැනෙන්න වැඩක් කරන්න, ලංකාවේ දයාබර ප්‍රේක්ෂකයො ඉදිරියට යන්න. දවසක හොඳම ගායකයෙක් වෙන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ගායනයට අමතරව මම ආසයි ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් සංගීත කටයුතු නිසා බිස්නස් පැත්තට ලොකුවට යොමුවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද මගේ ඔළුවේ නිතරම වැඩ කරන්නේ මම සින්දු කියන්න ඕන කියන එක. මේ බලාපොරොත්තු දෙක ඉෂ්ට කරගෙන කරගෙන මහා ලොකු මනුස්සයෙක් විදියට නෙවෙයි බොහොම සරල නිහතමානී කෙනෙක් විදියට ජිවත් වෙන්නයි මට ඕනේ.

ඔබේ ආදරණීය රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ ?

බොහොමත්ම ස්තූතියි අවුරුදු ගණනාවක් නොසැලී මගේ රසිකයො මාත් එක්ක හිටියා . ඒ වගේම අවලංගු කාසියෙන් රිද්මය කියන ගීතයෙන් මගේ රසිකයො මට තව තවත් වැඩි වුණා. විශේෂයෙන්ම කියන්න ඕන වොල්ගා කල්පනී කියන්නේ ලංකාවේ ජනප්‍රිය බොහොම දැවැන්ත චරිතයක්. බොහොම නිහතමානී හොඳ රංගන ශිල්පිනියක්. වොල්ගාගේ contacts මතත් මට ලැබුණු රසික ප්‍රතිචාර ගොඩයි. ඉතින් ඇයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මගේ රසිකයන්ට කියන්න ඕන මගේ ගැන යන වැරදි ගොසිප් අහගෙන මාව පහතට නොදමා මං ගැන දැනගන්න ඕන හැම දෙයක්ම මගෙන්ම දැනගන්න. ඕගොල්ලෝ අහන ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන්න මම ලෑස්තියි . මෙතුවක් කල් මාත් එක්ක හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි . හැමදාම මාත් එක්කම ඉන්න . මගේ වැරදි අඩුපාඩු ගැන කියන්න.

trendingcolombo.com වෙබ් අඩවියෙනි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x