මංගල ඇදුමින් මහණ දිවියට ගිය සුදේවිකා මෙහෙනින් වහන්සේ

මංගල ඇඳුමින් සැරසිලා මහන විදියට ගිය තරුණියක් ගැන පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාම අහන්න දකින්න ලැබුනා. ඒ වගේම අපූරු සිදුවීමක් පසුගිය දවසකත් අපට දකින්නට ලැබුනා. එහිදී සඳහන් කර තිබුනේ මංගල ඇඳුමින් මහන විදියට ගිය පූජ්‍ය වෙන්නොරුවේ සුදේවිකා දම්මපාලි මෙහෙනින් වහන්සේට ඉක්මනින් සසර ගමනින් එතෙර වීමට ලැබේවා කියලා. ජීවත් වෙන මේ ටික කාලයේ බැඳීම් නිසා මිනිස්සු මොනතරම් දුක් විදිනවද. කොටසක් බැඳීම් ඇතිකරගන්න දුක් වෙනවා, තවත් පිරිසක් බැඳීම් ඇතිකරගෙන දුක් වෙනවා. අනෙත් පිරිස බැඳීම් නැති කරගෙන දුක් වෙනවා. ඉතින් ජිවිතයේ සත්‍ය වටහාගෙන අපේ රටේ සිටින තරුණ තරුණියන් මෙවැනි උතුම් දේවල් වලට යොමු වීම කෙතරම් වටිනා දෙයක්ද.
ඉපදුනු දා පටන්ම අපේ ජීවිතේට ලැබෙන හැම දෙයක්ම එක්ක බැඳීම් ඇති කරගෙනයි ඉන්නේ. දුක සතුට කියන හැම දෙයක්ම තුරුළු කරගෙන යන මේ ගමනේ සංසාරය කෙටි කරගන්න ඇත්නම් කොච්චර වටිනවද. නමුත් එහෙම හිතුනත් එසේ කරන්නත් පිනක් තියෙන්නට ඕන. බැඳීම් ඇතිවුනාට පස්සේ එදෙවල් නැතිව මිනිස්සුන්ට ජිවත් වෙන්න බැහැ. නමුත් මේ සංසාරේ ඇත්ත කුමක්ද කියලා හොඳින් වටහාගෙන සැනසීම ලඟාකරගන්න කටයුතු කරනවා නම් ඒක උතුම් දෙයක්. වගකීම්, යුතුකම්, බැඳීම් කියන දේවල් එක්ක මිනිස්සු මොනතරම් අසරණ වෙනවද, එවැනි තත්වයක ඒ සියලු දෙයින් මිදිලා ජිවත් වෙන්න ලැබෙනවා කියන්න කොතරම් සැනසීමක්ද.